බොහෝ කාන්තාවන් අප ගෙන් අසන ප්‍රශ්නයක් තමයි IVF එකක් හෙවත් නල දරු උපතක් සිදු කරන්න කොපමණ මුදලක් වැය වෙනව ද කියන එක.

සාමාන්‍යයෙන් ලංකාවේ IVF ප්‍රතිකාරය සඳහා යන වියදම IVF කරන ක්‍රමවේදය මත, ඒ සඳහා යොදා ගන්නා ඖෂධ මත හා වෛද්‍ය මධ්‍යස්ථානය මත රඳා පවතී.
සාමාන්‍යයෙන් ලංකාවේ සිදු කෙරෙන IVF වර්ග තුනකි.

  1. Own egg IVF – මෙහි දී තමා ගේ ඩිම්බවලින් ම කලලය සාදා තැන්පත් කරනු ලබයි.
  2. Donor egg IVF – වයසක කාන්තාවන්ට (ඔසප් චක්‍රය නතර වී ඇති, ඩිම්බ තවදුරටත් නිපදවා ගත නොහැකි) දායක ඩිම්බ ලබා ගෙන කරනු ලබන නල දරු තාක්ෂණය
    මෙම Own egg IVF සහ Donor egg IVF සඳහා සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 5-6 අතර මිල ගණන් අය කෙරෙන අතර දෙනු ලබන නික්ෂේපන සඳහා ද අම්තර ව රුපියල් ලක්ෂ 3-4 ක් පමණ වැය වේ.
  3. වෙනත් කාන්තාවක ගේ සහ පුරුෂයෙකු ගේ ඩිම්බ හා ශුක්‍රාණු එකතු කර ගනිමින් සාදා ගන්නා කලල දෙකක් හෝ තුනක් එක වර කාන්තාව ගේ ගර්භාෂය තුළ තැන්පත් කිරීම ද එක්තරා IVF ක්‍රමයකි. මේ සඳහා සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 4ක පමණ මුදලක් වැය වේ.

    නමුත් සමහර වෛද්‍ය මධ්‍යස්ථානවල මෙම ගණන් වෙනස් විය හැකි ය. නමුත් අද පවතින ඖෂධවල මිල දිනෙන් දින ඉහළ යන නිසා මිල ගණන් ස්ථිර ව කිව නොහැක. එම නිසා ඔබ කළ යුතු වඩාත් සුදුසු දෙය වනුයේ විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී තමාට වඩාත් උචිත නල දරු ක්‍රමවේදය තෝරා ගෙන ඒ සඳහා යන වියදම පිළිබඳ ව ඒ වෛද්‍යවරයාගෙන් අසා දැන ගැනීමයි.

Tamil
Powered by TranslatePress