FERTI SOUTH මෙතෙක් ආ ගමන්මග

විශේෂඥ වෛද්‍ය නුවන් දිනේශ් රොහාන් ලියනගේ මහතාගේ සංකල්පයක් අනුව, 2014 වසරේ ජනවාරි 18 වන දින
නො. 38, කිතුලම්පිටිය පාර, කලේගාන, ගාල්ල හිදී FERTI SOUTH FERTILITY CENTER නමින් ආරම්භ විය.

දරු සම්පත ඔබටත් හිමියි

ලොව උතුම්ම සම්පත වන දරු සම්පත අපේක්ෂාවෙන් සිටින අහිංසක යුවලන්ට මා හැදෑරූ විද්‍යාව අනුව උපකාර කිරීමයි..

Dr. Rohan Liyanage (Chairman and founder)

කඹුරුපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා ලෙස සේවය කරන අතරතුර නැගුණ සංකල්පයක් අනුව අද පවතින FERTI SOUTH ආයතනය එදා SOUTHERN FERTILITY CENTER නමින් කුඩා පියවරකින් රෝගී ප්‍රතිකාර සඳහා ආරම්භ කරන ලදී. ඉන්පසු දෛවයේ හාස්කමක් ලෙස දකුණුලක විශාලම ගැබිණි රෝහල වන මහමෝදර ශික්ෂණ රෝහලේ නළදරු ඒකකයේ අංශ ප්‍රධානී තනතුර මෙතුමන්ට හිමි විය. එහිදී මෙතුමන්ගේ කැපවීමේ මහඟු ප්‍රතිඵලයක් ලෙස මහමෝදර රෝහලේ කාමර අංක 6හි පැවති නළදරු ඒකකය ලංකාවේ ඉහළතම ප්‍රතිඵල සහිත සාඵල්‍යතා ඒකකය ලෙසට දියුණු කරන ලදී. එමඟින් ලංකාවේ අන්ත දුගී දුප්පත් අහිංසක දරුඵල ප්‍රමාදව පීඩාවට පත් සියලු ජාතීන්ට ඔවුන්ගේ සිහින මල්ඵල ගන්වන්නට රාජ්‍ය රෝහලක් මඟින් උපකාර කිරීමට මෙතුමන්ට හැකි විය. එතැනින් නොනැවතී විශේෂඥ වෛද්‍යතුමන් තම හැකියාවන් පෞද්ගලික අංශයෙන්ද ප්‍රතිකාර ලබා දීමට යොමු වූයේ හුදෙක් මුදල් පසුපස හඹා යාමට නොව දරුඵල අහිමිව පීඩා විඳින සුවහසක් යුවලන්ගේ එම සිහින සැබෑ කිරීමට එතුමන්ගේ දිවියේ උපරිම කාලයක් කැප කිරීමටයි. එහිදී ධාර්මික දිවිපෙවෙතක් ගෙවන ධාර්මික අහිංසක දුප්පත් රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර ලබාදෙමින් ඔවුන්ගේ දරු සිහින සැබෑ කලේ එතුමන්ගේ සිතුවිලිවල පාරිශුද්ධභාවය වඩ වඩාත් තහවුරු කරමිනි. ලෝකයේ දිනෙන් දින අලුත්වන අධිතාක්ෂණයත් සමග පියවරෙන් පියවර එකල පැවති SOUTHERN FERTILITY ආයතනය එතුමන්ටම ආවේණික වූ FERTISOUTH FERTILITY CENTER නමින් නවීකරණය කරන ලදී. මේ වනවිට මෙම ස්ථානයට පැමිණෙන 5000කට අධික රෝගීන් සංඛ්‍යාවක් ලියාපදිංචියෙන් සුවහසක් මව්වරුන්ගේ දරු සිහිනය සැබෑ කරන දිවයිනේ ප්‍රමුඛතම අධිතාක්ෂණික සාඵල්‍යතා මධ්‍යස්ථානය ලෙස දකුණුලක නම් දරන්නට ඉතාමත් ශක්තිමත්, සාර්තක සහ සාපේක්ෂව වෙනස්ම ගමනක පා සටහන් තබා අවසන්. දරු සම්පතක වටිනාකම හුදෙක් මෙතුමන් හමුවීමට එන රෝගීන්ගේ සිතුවිලි, චිත්‍ර, අදහස් වලින් සහ ජීවිතාවබෝධයෙන් තේරුම්ගත් මෙතුමන් ඒ වටිනාකම මුදලට, බලයට සහ නිළයට යටත් නොවන බව ඔප්පු කර පෙන්වමින් දුප්පතාගේ සිට පොහොසතාටද දුබලයාගේ සිට බලවතාටද සාමාන්‍ය නිළ දරන්නගේ සිට ඉහළ නිළයන්ටද සමසේ ප්‍රතිකාර කර ඔවුන්ගේ දරු සිහින සැබෑකළ වෙදැදුරා ලෙස නම්දරා අවසන්ය. ගතවන සෑම නිමේෂයකම තවත් ජීවයක් බිහිකිරීමට උර දරන මෙතුමන් මෙහි සාර්තකත්වයේ ඉහළම දොරමං විවර කර ගැනීමට ඉන්දියාව, එංගලන්තය, ජර්මනිය, මැලේසියාව, සිගප්පූරුව, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය වැනි නළදරු තාක්ෂණයේ හිනිපෙත්තටම පැමිණි රටවල සංචාරය කරමින් පුළුල් දැනුමක් සහ අත්දැකීම් ලබාගෙන ඒ තුළින් FERTISOUTH ආයතනය 100%ක ප්‍රතිඵල ලබාදුන් සාඵල්‍යතා මධ්‍යස්ථානය බවට පත්කිරීමට නිරතුරුවම දැනුම සොයා යන ගමනේ නියැලෙමින් සිටී. දැනට ලංකාවේ පිහිටි සාර්ථකත්වයෙන් උපරිම නළදරු මධ්‍යස්ථානය මෙය බවට තහවුරු කරමින් එතුමා ලද ඉහළම ජයග්‍රහණයක් ලෙස ලොව සුපතල NOVA IVI INDIA නමැති අන්තර්ජාතික නළදරු තාක්ෂණය සහිත රෝහල් ජාලයේ ශ්‍රී ලංකාව තුළ පිහිටි නිත්‍ය නියෝජිත ආයතනය ලෙස FERTISOUTH ආයතනය තෝරාගන්නා ලදී. විද්‍යාව හා තාක්ෂණවේදය මතම පදනම්ව වෛද්‍ය විද්‍යාව තුලින් දරු සම්පත හිමිකර දීමේ අභිලාෂයන් උළු සෙවිලි කළ වහලක් යට එදා ඉදි වූ මෙම ආයතනය අද තථාගතයන් වහන්සේ බුදු ඇසින් දුටු දේ නවීන විද්‍යාවට ආදේශ කරමින් පෙනෙන මානයත් නොපෙනෙන මානයත් අතර සංකලනය වූ දරු සම්පත අහිමි වීමේ ගැටලුව ලොවම ගිලගත් කොරෝනා වසංගත අවධියේ කිසිදු සේවක සේවිකාවක් නොමැතිව තනිවම රෝගී ප්‍රතිකාර සිදුකරන අවදිය තුළ පර්‍යේෂණ මගින් පුළුල්ව අවබෝධ කරගෙන විද්‍යාවත්, බෞද්ධ ධර්මයත් සංකලනය කොට වෙනස්ම මානයකින් ඉතාමත් දියුණු තාක්ෂණික මෙවලම් සහ සැප පහසුකම් ඇතිව FERTISOUTH ගමන් අරඹා ඇත.

බුදු දහම මෙන්ම වෙනත් ආගම්වල ශාස්තෘන් වහන්සේලා දේශිත ධර්මයන් සසඳමින් බුදු දහම ඔස්සේ කර්මානුරූපීව විඥාණය පහළ වීම අධ්‍යයනය කරමින් දරු පිළිසිඳගැනීමට කර්මය බලපාන ආකාරය ස්වකීය සංකල්පයකින් ගොඩනගාගෙන බටහිර වෛද්‍ය විද්‍යාවත් දේශීය වෛද්‍ය විද්‍යාවත් සංකලනය කරමින් පංචකර්ම සෘෂි ශාස්ත්‍ර, දේව පූජා, බලිතොවිල්, ශාන්තිකර්‍ර්ම යන සියලු සාඵල්‍යතා ප්‍රතිකාර මැනවින් අවබෝධ කරගෙන FERTISOUTH  ලංකාවේ වෙනස්ම හා සාර්ථකම මධ්‍යස්ථානය බවට පත්කිරීමට මෙතුමා ගත් උත්සාහය අතිසාර්ථකය. කුඩාවට ආරම්භ කරන ලද FERTISOUTH ආයතනය අද පියවි ඇසට නොපෙනෙන ශුක්‍රාණු සෛල, වර්ණ තිරයක සජීවීව පෙන්වා පැහැදිලි කිරීමට තරම් උසස් තාක්ෂණයකට දියුණුව විවිධ ආගමිකයන්ට, විවිධ ජාතීන්ට, විවිධ වෘත්තිකයන්ට දරුවන් දායාද කරන ආයතනය ලෙස ජයග්‍රාහී ගමනක පියවර තබමින් පවතී.