කලලයක් ගබ්සා කරනවා කියන්නේ මිනීමැරුමක් ද?

අප විශේෂඥ වෛද්‍යවරයා හමු වීමට මඳ සරු බවින් දරුවන් නොමැතිව පීඩා විඳි යුවලක් පැමිණ සිටියා. සැමියාට වයස අවුරුදු 32ක් සහ බිරිඳට වයස අවුරුදු 30ක් වූ එම යුවල රැකියාව වශයෙන් කළේ ඔසු සලක් (Pharmacy) පවත්වාගෙන යාමයි.
රෝග ඉතිහාසය විමසූ වෛද්‍යතුමා හට දැන ගැනීමට ලැබුනේ ඔවුන් මීට පෙර ගැබ් ගෙන ඇති බවය. ඔවුන් විවාහ වීමට පෙර අවුරුදු 7ක් පෙම්වතුන් ලෙස ආශ්‍රය කොට ඇත. නොසිතූ අවස්ථාවක ගැබ් ගැනීමක් සිදු වූ පසු ඔවුන් තීරණය කළේ එම කලලය ගබ්සා කිරීමටයි. මෙවැනි ගබ්සා සිදු කරන ස්ථානයක් හිතවතෙකුගේ මාර්ගයෙන් දැන ගත් ඔවුන් එම කලලය ගබ්සාවට ලක් කළා.
ඉන්පසු කාලයත් සමඟ විවාහ වුන ඔවුන් දෙදෙනා දරු සම්පතක් ලබා ගැනීමට බොහෝ සේ උත්සහ කළා. නමුත් එය අසාර්ථක වූ නිසා ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වුනා. නමුත් ඒ කීසිවක් සාර්ථක වුනේ නෑ.කාන්තාවගේ සියලුම නාල පරීක්ෂණ, ඩිම්බ කෝෂ, ගර්භාෂ පරීක්ෂණ හා හෝමෝන සාමාන්‍ය බව තහවුරු වුනා. සැමියගේ ශුක්‍රාණු පරීක්ෂාවෙන් ඔහුගේ සරු ශුක්‍රාණු කිසිවක් දක්නට නොමැති බව තහවුරු වුනා. ඉන්පසු ඔවුන් දායක ශුක්‍රානු ( Donor sperms) ලබා ගෙන කිහිප වතාවක්ම IUI ප්‍රතිකාරයට යොමු වුනා. නමුත් සාර්ථක වුනේ නෑ. එවිට ඔවුන් නල දරු තාක්ෂණය මඟින් කලලයක් සාදා තැන්පත් කළා. එයත් සාර්ථක වුනේ නෑ.
ඔවුන් ඉන්දියාවට පවා ගොස් ප්‍රතිකාර ලබා ගෙන තිබුනා. ඉන්පසු ඔවුන් Donor embryo නම් නල දරු තාක්ෂණ ක්‍රමවේදය ( වෙනත් කාන්තාවකගේ ඩිම්බ සහා පුරුෂයෙකුගේ ශුක්‍රාණු මඟින් කලලයක් සාදා එය තමාගේ ගර්භාෂයෙහි තැන්පත් කිරීම ) මඟින් ද දරුවෙකු ලබා ගැනීමට උත්සහ කළා. නමුත් කිසිඳු ක්‍රමයකින් ඔවුන්ගේ කිරි සිහිනය නම් සැබෑ කර ගන්නට ලැබුනේ නෑ. මෙම කාන්තාවගේ ජාන පරීක්ෂණ පවා සිදු කළා. නමුත් මවක වීමට වාසනාව අහිමි වීමට හේතුව වෛද්‍ය විද්‍යාතමක සොයා ගන්නට බැරි වුනා.
එක් වරක් ගැබ් ගත් ඇය නැවත ගැබ් නොගත්තේ ඇයි ?
පිටින් සාදන ලද කලලයක් පවා ඇගේ ගර්භෂයේ තැන්පත් කල ද එය සාර්ථක නොවුනේ ඇයි ? මවු පිය පදවිය ලැබීමට ඔවුනට නොහැකි වීමට හේතුව සොයා ගැනීමට තවත් පරීක්ෂණ සිදු කළා. සැමියාට ශුක්‍රාණු සංඛ්‍යාව අඩු වීමට හේතු ලෙස කුඩා අවධියේ කම්මුල් ගාය සෑදී තිබීම, වැරිකොසීල් (Varicocele) නම් වෘෂණ වල නහර ගැට ගැසීම, දුම් පානය, විකිරණ, මත්ද්‍රව්‍ය වැනි කිසිදු අවධානම් තත්ත්වයක් ඔහුට තිබුනේ නෑ.
මෙලෙස ඔවුන්ගේ දරු සිහිනය බොඳ වී යාමට හේතුව විය හැක්කේ කුමක් ද ?
මීට පෙර ඔවුන්ගේ කලලය මරා දැමීමේ පාපය ඔවුන්ට මේ ආත්මයේදීම විපාක දුන්නේ ද? මනුශ්‍ය ආත්මභාවයක් ලැබීම කෙතරම් දුර්ලභ අගනා අවස්ථාවක් බව බෞද්ධයන් වශයෙන් අපි විශ්වාස කරන්නෙමු. ඉතින් මෙවැනි දුර්ලභ අවස්ථාවක් විනාශ කරන ගබ්සාවට වචනයකින් හෝ අනුබල දීම ආත්මභව ගණනාවකට විපාක දෙන පාපකර්මයක් විය හැකිය. (කලල විනාශ කිරීමෙ පාපකර්මය ආත්මභව ගණනාවක් වීපක දුන් බෝධිරාජ කතා වස්තුව මෙතනින් කියවන්න.

මෙවැනි අවස්ථාවකට ඔබට හෝ ඔබේ හිතවතෙකුට මුහුණ දීමට සිදු වුවහොත් හැකි පමණින් ඔවුනට ගබ්සා කිරීමේ විපාක පහදා දීමට උත්සහ කරන්න. ඔවුන් නිවැරදි වෛද්‍ය උපදේශන කරා යොමු කොට ගබ්සාවෙන් මුදවා ගන්න.

English
Powered by TranslatePress