පුරුෂ මඳසරුභාවයට රැකියාව බලපාන්නේ කෙසේ ද ?

ස්වභාවයෙන්ම පුරුෂයන්ගේ වෘෂණ ශරීරයෙන් පිටත වෘෂණ කෝෂ තුළ පිහිටා තිබෙන්නේ ශුක්‍රාණු නිපදවීමට හා ගබඩා කර සජීවීව තබා ගැනීමට ප්‍රශස්ත උශ්ණත්වයක් අවශ්‍ය බැවිනි. නමුත් සමහර රැකියා අවස්ථා සහ පුරුදු නිසා මෙම ප්‍රශස්ථ උශ්ණත්වයේ ශුක්‍රාණු නිපද වීම සහ ගබඩා කර තබා ගැනීමට අපහසු වේ. මේ නිසා ශුක්‍රාණු වල සරු බව නැති වී යාමත් එවැනි පුරුෂයන් මඳ සරු බවින් පීඩා විඳීමත් දැක ගත හැකිය.
මෙලෙස මඳ සරු බවින් පෙළීමට වැඩි හැකියාවක් ඇති පුරුෂයන් වනුයේ,

  • දිගු දුර රථ රියැදුරන්
    උදා:- බස් රථ රියැදුරන්, ලොරි රථ රියැදුරන්
  • තද යට ඇඳුම් දීර්ඝ කාලීනව භාවිතා කරන්නන්
    උදා:- ආරක්ෂක සේවා නිළධාරීන්
  • කිමිඳුම්කරුවන්
  • පාපැදි තරඟකරුවන්
  • අධික උශ්ණත්ව යටතේ රැකියාව කරන පුද්ගලයන්
    උදා:- බේකරි වල උඳුන් ආශ්‍රිතව වැඩ කරන්නන් , කොත්තු/රයිස් බාස් වරුන්
  • විකිරණ වලට නිරාවරණය වන පුද්ගලයන්

මෙම තත්ත්වය අවම කර ගැනීමට කළ හැකි දේවල් වනුයේ,

  • දිගු දුර රථ ධාවනයේදී නිරන්තරයෙන් අතරමඟ විවේකය ලබා ගැනීම.
  • ලිහිල් යට ඇඳුම් භාවිත කිරීම.
  • නිතර නිතර ස්නානය කිරීම.
  • දැඩි උෂ්ණත්වවලට නිරාවරණය වන පුද්ගලයන් වරින් වර විවේකයක් ලබා ගැනීම.
    මෙලෙස කිරීමෙන් පවා සරු බව ලබා ගත නොහැකි පුද්ගලයන් සඳහා දායක ශුක්‍රාණු (Donor sperms) මඟින් තම දරු සිහිනය සාක්ෂාත් කර ගත හැකිය.
  • ධාතු වර්ධනය වන ආහාර සහ ඖෂධ ලබා ගැනීම.
    (මෙම වීඩියෝව බලන්න )
English
Powered by TranslatePress