ඕනවට වඩා මහත් වුනාම වඳ වෙනවද?

අධි බර සහිත කාන්තාවන්ගේ එනම් ශරීර ස්කන්ධ දර්ශකය(BMI) 25 ට වැඩි කාන්තාවන්ගේ පිළිසිඳ ගැනීමේ හැකියාව සාමාන්‍ය බර සහිත(ශරීර ස්කන්ධ දර්ශකය 18.5-24.9) කාන්තාවන්ට වඩා අඩු බව පර්‍යේෂණ වලින් අණාවරනය වී ඇත.

කාන්තාවන්ගේ ඔසප් චක්‍රය නිසියාකරව පාලනය වීමට FSH, LH, GnRH, ප්‍රොජෙස්ටරෝන්, ඊස්ට්‍රජන් etc. වැනි හෝර්මෝන රැසක මනා සමබරතාවයක් වැදගත් වේ.
ස්ථූල කාන්තාවන්ගේ ශරීරයේ අඩංගු මේද ප්‍රමාණය වැඩිය. ශරීරයේ මේද පටක වලින් නිපද වන ලෙප්ටීන් නම් හෝර්මෝනය, මෙම හෝර්මෝන සමතුලිතතාව පවත්වා ගැනීමට බාධා ඇති කරයි. මේ නිසා ඔසප් චක්‍රයේ අක්‍රමිකතා ඇති වේ.එමෙන්ම මොවුන්ගේ ඩිම්බ මෝචනය ද නිසියාකාරව සිදු නොවේ. තවද ඩිම්බ කෝෂ වල තරල පිරුනු PCOS(Polycystic Ovarian Syndrome) වැනි රෝගයද ස්ථූලතාව හා මඳ සරු බව සමඟ සම්බන්ධතාවක් දක්වයි.

ස්ථූල කාන්තාවන් හට සිරුරේ තරබාරු බව නිසාම ලිංගිකව එකතු වීමේදී විවිධ අපහසුතා වලට ලක් වීමට සිදු වේ.
එමෙන්ම දිය වැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි කායික රෝගී තත්ත්වයන් ඇති වීමේ ප්‍රවණතාවද මෙවැනි කාන්තාවන් හට වැඩිය. ඔවුන්ගේ අධික මේදය නිසා ඉන්සියුලීන් හෝර්මෝනයේ ක්‍රියාකාරීත්වය අඩු වේ. මේ නිසා රුධිරයේ සීනි මට්ටම නිසි ලෙස පාලනය නොවේ.
ස්ථූල කාන්තාවක් ගර්භණී වූ පසුව දරු ගැබ ගබ්සා වීමේ අවධානම ද ඉහලය. තවද ඔවුනට අවශ්‍ය වන ඖෂධ මාත්‍රාව ද සාමාන්‍ය බර සහිත කාන්තාවකට වඩා ඉහලය. මේ නිසා නිසි ඖෂධ ප්‍රමානයක් ශරීරයට නොලැබී යාමද තවත් අවාසියකි.

නිසියාකාරව අහාර පාලනය, පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම, සුදුසු ව්‍යායාම වල නිරත වීම, මානසික සුවතාව, අවශ්‍ය ප්‍රමාණයට සුව නින්දක් ලබා ගැනීම ආදිය මඟින් ශාරීරික සහ මානසික සෞඛ්‍ය යහපත් කර ගැනීමටත් සාර්ථක ලෙස පිළිසිඳ ගැනීමටත් දරු ගැබක් දරා සිටීමටත් ඉවහල් වේ.
මේ සඳහා ඔබට අවශ්‍ය සහය ඕනෑම රෝහලකින් හෝ පෝෂණ සායනයකින් නොමිලේම ලබා ගත හැකිය.

English
Powered by TranslatePress