මෙය තරුණියන් හා මැදි වයසේ කාන්තාවන් අතර දැකිය හැකි රෝගී තත්ත්වයකි. ඊට සමගාමීව,
- ඔසප් වීමේ අක්‍රමිකතා සහ ඔසප් වීම ප්‍රමාද වීම
- ඇඟ සහ මූණ ආශ්‍රිතව ඝන රෝම වැවීම(Hirsutism)
- අධික ලෙස කුරුලෑ හට ගැනීම සහ සමෙහි තෙල් සහිත ස්වභාවය
- මඳ සරු භාවය(Subfertility)
- තරබාරු බව (Obesity)
- මානසික ආතතිය
යන ලක්ෂණ මොවුන්ගේ දැකිය හැකිය.
මෙය ඇති වන්නේ සිරුරෙන් නිපදවන පුරුෂ හෝර්මෝන (androgens) වල අක්‍රමිකතා හේතුවෙනි. එහිදී ස්ත්‍රී හෝර්මෝන අභිබවා පුරුෂ හෝර්මෝන වල බලපැවැත්ම නිසා ඩිම්බ කෝෂ වල බිත්තර මේරීම ප්‍රමාද වන අතර විවාහ වූ කාන්තාවන්ගේ දරු ඵල හට ගැනීම ප්‍රමාද වීම සහ වයස 35ට වැඩි වූ විට දියවැඩියාව වැනි රෝගී තත්ත්ව වලට බඳුන් වීම දැකිය හැකිය.
යම් කිසි කාන්තාවකට ඉහත කී මූලික ලක්ෂණ පවතී නම් ඒ පිලිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම මඟින් මෙම රෝගය හඳුනා ගත හැකිය.එහිදී ස්කෑන් පරීක්ෂණ වලට ලක් කිරීමේදී ඩිම්බ කෝෂ පර්යන්තයෙහි වතුර බුබුළු වැනි කුඩා ප්‍රමානයේ බුබුළු හා පිටත බිත්තියේ ඝන වීම දැක ගත හැකිය.
මෙවැනි කාන්තාවන්ගේ ඔසප් වීමේදී සරු කාලය නිවැරදිව ගණනය කිරීමට නොහැකි වන්නේ මෙම බිත්තර මේරීමට ගත වන දින නිශ්චය කර ගැනීමට නොහැකි වීම හේතුවෙනි. බිත්තර වල බිත්තියේ ඝනකම නිසා ඩිම්බ මෝචනය වීමද අපහසුය.
Metformin වැනි ඖෂධ බොහෝ විට කාන්තාවන්ට නිර්දේශ කරන අතර බිත්තර ලොකු වීම සඳහා Clomiphene, Letrazole වැනි ඖෂධ ද මාස ශුද්ධිය සිදු වීමත් සමඟ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලැබේ.
තවද බිත්තර වැඩීමට සමහර නික්ෂේපන වර්ග ද භාවිත කල හැකිය.
සරු කාලයේ දී බිත්තර පිපිරීම සඳහා HCG වැනි ඖෂධ භාවිතයෙන් දරු ඵල අහිමි කාන්තාවන් ගැබ් ගැනීමට සලස්වනු ලැබේ. තවද දරු ඵල ප්‍රමාද කාන්තාවන්ට ඉහත කී හෝර්මෝන පෙති හා නික්ෂේපන මඟින් ගැබ් ගැනීම ප්‍රමාද වන විට, ශල්‍යකර්ම මගින් ඩිම්බ කෝෂයේ සිදුරු ඇති කිරීම (Laparoscopic Ovarian Drilling) බොහෝ දුරට ඔවුන් ගර්භණී තත්වයට පත්කිරීමට උපකරී වේ.
ශරීරයේ ඝනව වැඩෙන්නා වූ රෝම කාන්තාවන්ට මහත් මානසික ගැටළුවක් වන අතර මෙහිදී බොහෝ දෙනා රෝම ඉවත් කිරීමට shave/wax කිරීම වැනි ක්‍රම භාවිත කරයි. Dian 035 වැනි බටහිර ඖෂධ භාවිතයෙන් ද ඇඟේ පවතින රෝම අඩු කර ගත හැකිය.
කාන්තාවන්ගේ ස්ථූලභාවය අඩු කිරීම සඳහා අධික තෙල් හා සීනි භාවිතය අවම කිරීමත් නිසි පරිදි ව්‍යායාමයන්හි යෙදීමත් ඔවුන්ගේ රෝගී තත්ත්වය සමනය කිරීමට හේතු පාදක වේ.
PCOS නැමති රෝගී තත්ත්වය හඳුනා ගත් එහෙත් දරු ඵල බලාපොරොත්තු නොවන කාන්තාවන්ට ඔසප් චක්‍රයේ අක්‍රමිකතා මඟ හරවා ගැනීමට ගිලින හෝර්මෝන පෙති (OCP) යොදා ගැනේ. එබැවින් මෙම රෝග ලක්ෂණ පවතින කාන්තාවන් හා තරුණියන් හට ඉක්මණින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් තම ගැටලු මඟ හරවා ගත හැකිය.