වෛද්යතුමා හමුවට පැමිණි එක්තරා යුවලක, බිරිඳගේ වයස අවුරුදු 42ක් වූ අතර ඇයගේ දරු පිළිසිඳගැනීම් 4ක් ම ස්වාභාවික ව ගබ්සා වී තිබුණි. මෙසේ ගබ්සා වීමට හේතුව කුමක් දැයි නොයෙකුත් වෛද්යවරුන් ලවා විශාල මුදලක් වැය කොට බොහෝ පරීක්ෂණ සිදු කළත් ඇය ගේ ඒ සියලු පරීක්ෂණ වාර්තා සාමාන්ය විය. ස්වාමි පුරුෂයා ගේ ශුක්රාණු වාර්තා සියල්ල ද සාමාන්ය විය. බිරිඳගේ සිදු කරන ලද ජාන පරීක්ෂාවන්හි ද කිසිඳු ගැටලුවක් නොමැති බව අනාවරණය වී තිබුණි. අවසානයේ ස්වාමි පුරුෂයා ගේ ද ජාන පරීක්ෂාවක් කළ යුතු බව වෛද්යවරයා තීරණය කළේ ය. මෙහි දී අනාවරණය වූයේ ස්වාමි පුරුෂයා ගේ ජානවල වූ දෝෂයක් නිසා මෙසේ ගබ්සා වීම් සිදු වන බවයි. එනිසා අප තේරුම් ගත යුත්තේ ගබ්සා වීම ආදී දරු ඵල අහිමිවීම් සඳහා බිරිඳගේ මෙන් ම ස්වාමි පුරුෂයා ගේ ද හේතු බලපාන බවත් ඒ සඳහා නිසි පරීක්ෂණ සහ ප්රතිකාර කළ යුතු බවත් ය. අනතුරු ව දායක ශුක්රාණු යොදා ගෙන සාර්ථකව දරු උපතක් මගින් තම කිරි සිහිනය සැබෑ කර ගැනීමට මෙම යුවලට ද හැකි විය.
