සාර්ථක ලෙස දරු පිළිසිඳ ගැනීමක් සිදුවීමට නම්, සරු ඩිම්බයක් සරු ශුක්‍රාණුවක් සමඟ සංසේචනය විය යුතුය. මෙලෙස ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකතු වීමට වඩාත් සම්භාවිතාවක් ඇති කාලය කාන්තාවගේ ඔසප් චක්‍රයේ සරු කාලය ලෙස හැඳින්වේ. මේ නිසා සරු කාලය නිවැරදිව ගණනය කිරීම වැදගත් වේ. ශුක්‍රාණු වලට කාන්තාවගේ ප්‍රජනක පද්ධතිය තුළ දින 5ක පමණ කාලයක් සජීවීව පැවතිය හැක. එමෙන්ම මෝචනය වූ ඩිම්බයකට සජීවීව සිටීමට හැක්කේ පැය 24 ක කාලයකි. සාමාන්‍යයෙන් ඩිම්බය මෝචනය වී දින 14 කට පසු ඔසප් වීම සිදුවේ. එනම්, දින 28ක ඔසප් චක්‍රයක නම්, 14 වෙනි දිනයේදී ඩිම්බ මෝචනය වූ පසු 28 වෙනි දිනයේදී ඔසප් වීම ආරම්භ වේ. මේ නිසා 14 වන දිනයේ දී මෝචනය වන ඩිම්බය 15 වන දවස දක්වා සජීවීව තිබේ. කාන්තාවගේ ප්‍රජනක පද්ධතිය තුළ ශුක්‍රාණුවක ජීවී කාලය දින 5ක් පමණ වන නිසා ඔසප් චක්‍රයේ 10 වෙනි දින යෝනි මාර්ගයට ඇතුළු වූ ශුක්‍රාණුවකට ද ඩිම්බය සමඟ සංසේචනය වීමට හැකියාවක් පැවතිය හැක. මෙම කරුණු අනුව, දින 28ක ඔසප් චක්‍රයක් හිමි කාන්තාවකගේ සරු කාලය ලෙස දින 10-15 අතර කාලය ගත හැක. මෙම කාලය තුළ ලිංගිකව එකතු වීමෙන් යුවලකගේ ගැබ් ගැනීම සාර්ථක වීමේ අවස්ථාව වැඩිය.
මේ නිසා ඩිම්බ මෝචනය වන කාලය පිළිබඳව අවබෝධයකින් සිටීම වැදගත් වේ. මේ පිළිබඳව දැනගැනීමට විවිධ ක්‍රම ඇති අතර කැලැන්ඩර් ක්‍රමය බහුලවම භාවිතා වන ක්‍රමයකි. කැලැන්ඩර් ක්‍රමය ඉතා පහසු කිසිම පිරිවැයකින් තොරව ඩිම්බ මෝචනය පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි ක්‍රමයකි.
ශරීර උෂ්ණත්වය වෙනස් වීම මැනීම – ඩිම්බ මෝචනයත් සමඟ සිදුවන හෝමෝන වෙනස් වීම නිසා ශරීර උෂ්ණත්වය වැඩි වීම සිදු වේ. දෛනික උෂ්ණත්වය පිළිවෙලට මැන බැලීමෙන් එය වැඩි අගයක් ගන්නා දිනය දැනගත හැක.
ඩිම්බ මෝචනය සාමන්‍ය පරිදි සිදු නොවන කාන්තාවන්ගේ (විශේෂයෙන්ම ආර්තව චක්‍රය අක්‍රමවත්/ප්‍රමාද) ඩිම්බ මේරීම උත්තේජනය කිරීම සඳහා ඩිම්බ මේරීමට ලබා දෙන ගිලින පෙති වලට අමතරව FSH/LH අඩංගු නික්ෂේපණ ලබා දීමට සිදු වේ. නමුත්, මිල තරමක් වැඩි නිසා තමාට ලබා ගත හැකි, යෝග්‍ය වන එන්නත විශේෂඥ වෛද්‍යවරයාගෙන් ඔබට දැන ගත හැකිය. බොහෝ විට වෙළඳපොළෙහි ඇති නික්ෂේපණ වර්ග වල මිල සහ ගුණාත්මකබාවය ද වෙනස් විය හැකිය. සමහර කාන්තාවන්ට සමහර අවස්ථා වලදී මෙවැනි නික්ෂේපණ එකකට වඩා දීමට සිදු වේ.