පුරුෂයාගේ පිටවන ශුක්‍රාණු ප්‍රමාණය සාඵල්‍යතාවයට කෙසේ බලපායී ද?

සාමාන්‍යයෙන් පුරුෂයෙකුගෙන් සංසර්ගයේදී එක් වතාවකදී පිටවන ශුක්‍රාණු පරිමාව 1.5ml ට වඩා වැඩි විය යුතුය. එම ප්‍රමාණයට වඩා අඩු වේ නම්, එය සාඵල්‍යතාවය කෙරෙහි සෘජුවම බලපානු ඇත.
මේ සඳහා විවිධ හේතු තිබේ.

  1. ශුක්‍රාණු නිවැරදි ක්‍රමයට සාම්පල් බෝතලයට එක් රැස් නොකිරීම (Incomplete Collection)
  2. පුරුෂයාගේ මානසික ආතතිය වැනි හේතු නිසා සුරතාන්තයට පත් නොවීම (Anorgasmia)
  3. පුරුෂයාට දෙන විවිධ ඖෂධ වර්ග නිසා
  4. ස්නායු පද්ධතියේ සහ කොඳුඇට පෙළෙහි ඇති රෝගී තත්ත්ව හා හදිසි අනතුරු නිසා හානි සිදුවී තිබීම (neurological conditions & spinal cord injury)
  5. දියවැඩියාව
  6. මුත්‍රාශයේ ගෙල ප්‍රදේශයේ සිදුකරන ලද ශල්‍යකර්ම
  7. ශුක්‍රාණු ගමන් කරන මාර්ගයේ ඇති ග්‍රන්ථි වල නාළවල අවහිරතාවයන්

ශුක්‍ර තරලයේ වැඩිමනත් දියර භාවයට වගකියනු ලබන්නේ සෙමිනල් වීසිකල්ස් (Seminal Vesicles) නමැති ග්‍රන්ථීන්‍ ය.
සමහර කොඳුඇට පෙළෙහි සහ ස්නායු පද්ධතියේ ගැටලු ඇති පුද්ගයන්ගේ ශුක්‍රාණු පුරුෂ ලිංගයෙන් එළියට එනවා වෙනුවට නැවත එම ශුක්‍රාණු ආපසු ඇතුළට ගමන් කොට මුත්‍රාශයට ඇතුළු වනු බොහෝ විට අප දැක තිබේ. විශේෂයෙන්ම හදිසි අනතුරු වලට ලක්වූ පුරුෂයන්ගේ පිටවන ශුක්‍රාණු පරිමාව අඩුවීමක් නිරීක්ෂණය වූ විට පරීක්ෂණ මඟින් අපට තහවුරු වී ඇත්තේ ඔහුගේ ශුක්‍රාණු නැවත ඇතුළට ගමන් කරන බවයි.
ශුක්‍රාණු පිට කිරීමට උත්සහ දැරීමකින් පසුව මුත්‍රා සාම්පලයක් ශුක්‍රාණු සඳහා පරීක්ෂා කිරීමේදී අපට මේ පිළිබඳව දැනගත හැක.
මෙවැනි තත්ත්ව වලදී ශුක්‍ර තරලයෙහි පරිමාව වැඩි කරගැනීම සඳහා සාඵල්‍යතාවය සඳහාම විශේෂිත වූ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ක්‍රමානුකූලව ප්‍රතිකාර ලබාගැනීම ඉතා වැදගත් ය. ඒ සඳහා බලපෑ හේතු සාධක නිවැරදිව අවබෝධ කරගෙන එයට මනා ලෙස ප්‍රතිකාර කිරීම අත්‍යාවශ්‍යය වේ.

English
Powered by TranslatePress