දරු පිළිසිඳ ගැනීමක් සිදු වී ඇති බව හඟවන ලක්ෂණ

විවාහ පත් යුවලක් බලාපොරොත්තුවෙන් සිටින සිහිනයක් තමයි තමන්ගේම කියලා කිරිකැටියෙක් ලබා ගන්න එක. මේ නිසා විවාහපත් යුවල බොහෝමයක් ගැබ් ගැනීමකට උත්සහා කරත් දරු පිළිසිඳ ගැනීමක් සිදු වූවාද නැත්ද යන්න පිළිබඳ සැකෙන් පසු වන්නේ ගැබ් ගැනීමකදී ඇති විය හැකි ලක්ෂණ පිළිබඳව නිසි අවබෝධයක් නොමැති නිසාවෙනි.
මෙසේ දරු පිළිසිඳ ගැනීමකදී සාමාන්යයෙන් කාන්තාවකට ඇති විය හැකි ලක්ෂණ , එකිනෙකාගෙන් එකිනෙකාට බොහෝ සේ වෙනස් විය හැකිය. එම නිසා මෙම ලක්ෂණ සියල්ල හෝ කිහිපයක් පැවතීමෙන්ම පමණක් දරු පිළිසිඳ ගැනීමක් ඇතී වී යැයි තදින්ම විශ්වාස කිරීම අනුවණ කමකි.
ලක්ෂණ :
  • ඔසප් චක්රය නැවතීම-මෙය තමන් කුස තුළ දරුවෙකු පිළිසිඳ ගෙන ඇති බව සැක පළ කළ යුතු ප්රධාන ලක්ෂනයකි. මීට පෙර සාමාන්ය අන්දමින් මාස් පතා ශුද්ධ වීමේ චක්රය සිදු වූ කාන්තාවක් නම් වඩා අවධානයෙන් පසු වීම වැදගත් වේ.
  • කෑම අරුචිය
  • වමනය
  • පියයුරු විශාල වීම සහ පියයුරු ස්පර්ශ කිරීමේදී වේදනාවක් ඇති වීම.
  • මුත්රා පිට කිරීමේ වාර ගණන වැඩි වීම. (නමුත් මුත්රා පිට කිරීමේදී වේදනාවක් ඇති නොවේ).
  • ඇඟ පත තෙහෙට්ටු ගතිය වෙනදාට වඩා වැඩි වීම.
  • මීට අමතරව පහත ලක්ෂණ ද සමහරුන්ට ඇති විය හැකිය.
  • උදරයේ පෙරළෙන ගතියක් / මඳ වේදනාවක් දැනීම. (රුධිරය පිට වීමක් නොමැතිව)
  • බඩ පිපීම
  • බඩ වේලීම/ මල බද්ධය
  • ගැස්ට්රයිටිස් වැනි රෝග තත්ත්ව උග්ර වීම
  • නහය තද වීම සහ හුස්ම ගැනීමට මඳ අපහසුවක් ඇති වීම
  • සමහර ආහාර වලට ඉතා ආශා වීම සහ සමහර ආහාර අප්රිය වීම/ ආහාර රටා වෙනස් වීම
  • හැසිරීම / Mood එක වෙනස් වීම
  • හිසෙහි මඳ වේදනාවක් ඇති වීම.
  • සමෙහි වර්ණය වෙනස් වීම උදා :- මුහුණේ , තන පුඩු වල, උදරයේ
  • නින්ද යාමේ අපහසුතා / නිදා ගැනීමේ රටාව වෙනස් වීම.
  • පහළ කොන්දෙහි වේදනාව
නැවත වතාවක් ඔබට පැහැදිළි කර ඩිය යුත්තේ මෙවැනි ලක්ෂණ ඇති වීමෙන් පමණක් නිශ්චිතවම ඔබ පිළිසිඳ ගෙන ඇති බවක් කිව නොහැකි බවය. මේ නිසා තමන් දරුවෙකු බලාපොරොත්තුවෙන් උත්සහ කරන කාන්තාවක් නම් මෙවැනි ලක්ෂණ මතු වුවහොත් උදෑසනම පිට කරන පළවෙනි මුත්රා සාම්පලයෙහි hCG පටියක් හෝ රුධිරයේ Beta-hCG ප්රමාණය මැන ගැනීමෙන් තමන්ගේ දරු පිළිසිඳ ගැනීම තහවුරු කර ගත හැකිය. මෙම පරීක්ෂා වලින් ඔබ ගැබ් ගෙන නොමැති බව තහවුරු වුවහොත් මෙවැනි ලක්ෂණ ඇති වූයේ වෙනත් රෝගයක් නිසාදැයි සොයා බැලීම වැදගත් වේ.
English
Powered by TranslatePress