වර් තමාන ලෝකයේ විවාහපත් යුවල් මුහුණ පාන බරපතල ගැටලුවක් බවට මදසරු භාවය පත් වී ඇත. වසරක් පාසා වාර් තා වන මදසරු කාන්තාවන් හා පුරුෂයන් ගේ ප්‍රතිශතය ද ඉහළ ගොස් ඇත. මේ සඳහා පුරුෂ සාදක මෙන් ම ස්ත්‍රී සාදක ද බලපායි. ගැබ් ගැනීම ප්‍රමාද කරවන එක් ස්ත්‍රී සාදකයක් වනුයේ ගර් භාෂයේ මාංශ පේශි හා තන්තු පටකවලින් හටගන්නා පිළිකාමය නොවන ගෙඩි හෙවත් ෆයිබ්‍රොයිඩ ය. ගර් භාෂ මයෝමා (Leiomyoma) ලෙස ද මේවා හඳුන්වයි.
සෑම කාන්තාවන් තුන් දෙනෙකු ගෙන් එක් අයකුට තම ජීවිත කාලය තුළ ෆයිබ්‍රොයිඩ ගෙඩි හට ගැනීමේ ප්‍රවණතාවක් පවතින බව මෑතක දී සිදු කරන ලද පරීක්ෂණයකින් හෙළි වී ඇත. ෆයිබ්‍රොයිඩ හට ගැනීම ස්ත්‍රීන් ගේ සරු කාලය (වයස අවුරුදු 16 සිට 50 දක්වා) තුළ දී සිදු වන අතර බහුල ව ම දක්නට ලැබෙන්නේ වයස අවුරුදු 30 ත් 50 ත් අතර පසුවන කාන්තාවන් ගේ ය. ෆයිබ්‍රොයිඩ ඇති වීම සඳහා බලපාන නිශ්චිත හේතුවක් තවමත් පැහැදිලි ව හඳුනා ගෙන නොමැති නමුත් අදික ස්තූලතාව, ෆයිබ්‍රොයිඩ සහිත පවුල් ඉතිහාසයක් පැවතීම සහ දරුවන් නොමැති වීම ෆයිබ්‍රොයිඩ ඇති වීමේ ප්‍රවණතාව ඉහළ නංවන බව සොයා ගෙන ඇත. තව ද මේ සඳහා ඊස්ට්‍රජන් හෝර් මෝනයේ බලපෑමක් පවතින බව ද හෙළි වී ඇත. ඊස්ට්‍රජන් යනු කාන්තාවන් ගේ ඩිම්බ කෝෂ මගින් නිපදවන ප්‍රජනක හෝර් මෝනයකි.
බොහොමයක් ෆයිබ්‍රොයිඩ කිසිඳු රෝග ලක්ෂණයක් ඇති නොකරන නමුත් ඇතැම් අවස්ථාවල දී පහත රෝග ලක්ෂණ ඇති කරයි:
- ඔසප් චක්‍රයේ වෙනස් වීම් (අදික රුදිර වහනය, අදික වේදනාව)
- උදරයේ වේදනාව
- කොන්ද කැක්කුම
- මුත්‍ර චර්‍යාව වෙනස් වීම
- මල බද්දය
- ලිංගික ව එක් වීමේ දී ගැටලු
- සාඵල්‍යතාව
ෆයිබ්‍රොයිඩ නිසා ගබ්සා වීම්, මදසරු බව ඇති වීම සහ ප්‍රසූතියේ දී නොමේරූ දරු උපත් ඇති වීම හා සිසේරියන් සැත්කම් කිරීමට සිදු වීම වැනි සංකූලතා ඇති විය හැකි ය.
ගර් භාෂය තුළ ෆයිබ්‍රොයිඩ හට ගන්නා ස්තානය අනුව වර් ග කිහිපයක් පවතී. වඩාත් ම සුලබ වනුයේ ගර් භාෂයේ මාංශ පේශිමය බිත්තියේ වර්දනය වන ෆයිබ්‍රොයිඩයි (Intramural fibroids). ගර් භාෂ බිත්තියෙන් පිටත ශ්‍රෝණිය දක්වා වර්දනය වන ඉතා විශාල ෆයිබ්‍රොයිඩ ද ඇත (Sub-serosal fibroids). මදසරු බව ආදී සංකූලතා සඳහා වැඩිපුර ම බලපානුයේ ගර් භාෂ බිත්තියේ අභ්‍යන්තර ස්තරයෙන් පහළ, කුහරය තුළට වර්දනය වන ෆයිබ්‍රොයිඩයි (Sub-mucosal fibroids). මෙම ෆයිබ්‍රොයිඩ අති ද්වනි (Ultra-sound) ස්කෑන් පර්‍රික්ෂාවක් මගින් පහසුවෙන් හඳුනා ගත හැකි ය.
ඉහත සංකූලතා හා රෝග ලක්ෂණ නොමැති නම් ෆයිබ්‍රොයිඩවලට ප්‍රතිකාර කිරීම අවශ්‍ය නොවන අතර ආර් ථවහරණයෙන් පසු ඊස්ට්‍රජන් හෝර් මෝන බලපෑම අඩු වීම නිසා ගර් භාෂ ගෙඩි හැකිලී යාම සිදු වේ. ෆයිබ්‍රොයිඩවල ප්‍රමාණය, පිහිටි ස්තානය, සංකූලතා හා කාන්තාව ගේ වයස වැනි සාදක මත ප්‍රතිකාර ක්‍රම වෙනස් වේ.
ෆයිබ්‍රොයිඩ සඳහා ප්‍රදාන ප්‍රතිකාර ක්‍රම ලෙස ඖෂද/හෝර් මෝන මගින් පාලනය හා ශල්‍යකර් ම මගින් ඉවත් කිරීම සිදු කළ හැකි ය. වෛද්‍ය නිර් දේශ යටතේ ඖෂද ලබා දීම පළමු ව සිදු කරන අතර එය ප්‍රමාණවත් නොවේ නම් ශල්‍යකර් ම සඳහා යොමු වීමට සිදු වේ.