ගර්භාෂයෙන් පිටත සිදු වන ගැබ් ගැනීම් (Ectopic Pregnancy)

සාමාන්‍යයෙන් ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වී සෑදෙන කලලය ගර්භාෂ කුහරයෙහි අභ්‍යන්තර ස්ථරයේ (Endometrium) බිත්තියට සවි වී මවගෙන් පෝෂණය උරා ගනිමින් වර්ධනය වේ. නමුත් සමහර අවස්ථා වලදී ගර්භ්හාෂ කුහරයෙන් පිටත ස්ථානයක කලලය තැන්පත් වීම සිදු විය හැකිය. එය Ectopic Pregnancy යනුවෙන් හඳුන්වයි.
මෙසේ ගර්භාෂයෙන් පිටතදී සිදු වන පිළිසිඳ ගැනීම් සෑම ගැබ් ගැනීම් 100කට 1-2ක් වීමේ අවස්තාවක් පවතී.

Ectopic Pregnancy ඇති විය හැකි ස්ථාන මොනවාද?

  • බහුලවම (96%) පැලෝපීය නාල කුහරය තුළ
  • උදර කුහරය තුළ
  • ගැබ් ගෙලෙහි
  • ඩිම්බ කෝෂ තුළ
  • ගර්භාෂ කුහරය හැර ගර්භ්හාෂයේ වෙනත් ස්ථාන වල
  • නිවුන් කලලයන් ඇති විට එක් නිවුන් කලලයක් ගර්භාෂය තුළ ද අනෙක් නිවුන් කලලය ගර්භාෂයෙන් පිට ද තැන්පත් විය හැක.(Heterotopic Pregnancy)
    Ectopic Pregnancy රෝගී තත්ත්වයේදී ඇති විය හැකි රෝග ලක්ෂණ මොනවාද?
  • ගර්භණී අවධියේ මුල් මාස 03 තුළ යෝනී මාර්ගයෙන් රුධිරය පිට වීම
  • බඩේ වේදනාව
    Ectopic Pregnancy තත්වය ඇති වීමට අවදානමක් ඇත්තේ කාටද?
  • පැලෝපීය නාළ වල අසාමාන්‍යතා ඇති කාන්තාවන්
    උදා:- පැලෝපීය නාල වල ආසාදන , පැලෝපීය නාල වල ශල්‍යකර්ම සිදු කර තිබීම , උපතින්ම නාල අසාමාන්‍ය වීම නාල වල ගෙඩි, පැලෝපීය නාල වල ඇති පක්ෂ්ම ක්‍රියාකාරීත්වය අඩු වීම
  • මීට පෙරද Ectopic Pregnancy තත්ත්වය ඇති වූ කාන්තාවන්
  • ශ්‍රෝණි කුහරයේ ආසාදන තත්ත්ව පැවතීම (PID)
  • සමහර උපත් පාලන ක්‍රම
    උදා:- ලූප් ක්‍රමය(IUD)
    කාන්තාවගේ ස්ථිර වඳ සැත්කම (LRT)
  • කෘත්‍රීම ප්‍රජනක ක්‍රම(Assisted Reproductive Technology)
    උදා:- IUI, IVF වැනි
    මීට අමතරව මව විසින් සිදු කරන දුම් පානය, මවගේ වයස වැඩි වීම, එන්ඩොමෙට්‍රියෝසිස්(Endometriosis) නම් රෝගී තත්ත්වය ආදිය Ectopic Pregnancy සඳහා අවදානම් සාධක වේ.
    Ectopic Pregnancy තත්ත්වය හඳුනා ගන්නේ කෙසේද?
    Ectopic Pregnancy තත්ත්වයේදී ඇති වන රෝග ලක්ෂණ ගබ්සා වීම්, ගැබ් ගෙල හා ගර්භාෂය ආශ්‍රිත අසාමාන්‍යතා වලදී (උදා:-Cervical Polyp) මෙන්ම සාමාන්‍ය ගැබ් ගැනීමකදී ඇති වන ලක්ෂණ ආදියට සමානකමක් දැක්විය හැකිය.
    එබැවින් ප්‍රතිකාර කිරීමට පෙර රෝගය හරියාකරව හඳුනා ගැනීම වැදගත් වේ.
    පලමුව මුත්‍රා hCG පටියක් මඟින් හා රුධිරගේ Beta hCG ප්‍රමාණය මත ගැබ් ගැනීම තහවුරු කර ගත යුතුය. ඉන්පසුව අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් මගින් දරු ගැබ ගර්භාෂය තුළ තිබේ දැයි තහවුරු කර ගත යුතුය. එසේත් නොවේ නම් පැය 48ක පරතරයෙන් කරන ලද ලේවල Beta hCG සාන්ද්‍රණය සසඳා බැලීමෙන් සිදු කළ හැක.
    Ectopic Pregnancy තත්වයේ සංකූලතා මොනවාද?
  • පැලෝපීය නාලය පිපිරීම සහ අභ්‍යන්තර රුධිර වහනයක් සිදු වුවහොත් මරණය පවා සිදු විය හැක.
  • ආසාදන තත්ත්ව ඇති වීමේ ප්‍රවණතාවක් පවතී
  • සමහර අවස්ථා වල පැලෝපීය නාල, ඩිම්බ කෝෂ සහ ගර්භාෂය ඉවත් කිරීමට සිදු වීම
  • මඳ සරු බාවය ඇති වීම
  • අනාගත ගැබ් ගැනීම් වලදී ද Ectopic Pregnancy තත්ත්වයක් ඇති වීමේ අවදානම වැඩි වීම
  • ශල්‍යකර්මයට භාජනය කිරීමෙන් පසු සංකූලතා ඇති වීම
    උදා:- නිර්වින්දන ඖෂධ නිසා ඇති වන සංකූලතා මෙන්ම මුත්‍ර මාර්ගය ආහාර මාර්ගය ආදී ගර්භාෂය ආසන්නයේ ඇති අවයව වලට හානි සිදු වීම
    මෙම සංකූලතා ඇති වීමට පෙර සුදුසුකම් ලත් විශේෂඥ වෛද්‍යවරයෙකු මඟින් ප්‍රතිකාර ගත යුතුය.

Ectopic Pregnancy සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?
වර්තමානය වන විට Ectopic Pregnancy සඳහා ප්‍රධාන ක්‍රම 3ක් ඔස්සේ ප්‍රතිකාර කරයි.

  1. විශේෂිත ප්‍රතිකාරයක් සිදු නොකොට රෝගියා ස්කෑන් පරීක්ෂණ සහ රුධිරයේ Beta hCG මට්ටම පරීක්ෂා කිර්‍රිම (Expectant Management)
  2. ඖෂධ මඟින් ප්‍රතිකාර කිරීම
    උදා:- Methotrexate

්ම ශල්‍යකර්මයක් මඟින් ප්‍රතිකාර කිරීම ( උදර කුහරය වි වෘත කර සිදු කරන ශල්‍යකර්ම හා උදර කුහරය තුළට කැමරාවක් දමා සිදු කරන ලැපරොස්කොපි ශල්‍යකර්ම)
Ectopic pregnancy තත්ත්වයේදී ගර්භාෂයෙන් පිටත තැන්පත් වන කලලයක් කිසිසේත්ම නැවත ගර්භාෂ කුහරය තුල ප්‍රතිස්ථාපනය කළ නොහ

මෙහිදී රෝගියා සඳහා ගැලපෙනම ප්‍රතිකාර ක්‍රමය විශේෂඥ වෛද්‍යවරයා විසින් පහත කරුණු අනුව තීරණය කරනු ලබයි.

1. රෝගියාගේ කායික සාධක වල ස්ථායීතාව (Haemodynamic Stability)
2. රුධිරයේ ඇති Beta hCG හෝර්මෝන ප්‍රමාණය
3. මවගේ කායික රෝග තත්ත්ව ( හදවත් රෝග, ක්ෂය රෝගය, වකුගඩු රෝග, අක්මා රෝග)
4. රෝගියාගේ කැමැත්ත

Ectopic pregnancy තත්ත්වය ඔබගේ ජීවිතය පවා නැති කළ හැකි අවදානම් සහගත තත්ත්වයකි. එබැවින් හැකි ඉක්මණින් වෛද්‍යවරයෙකු වෙත යොමු වී සුදුසු ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුය.

English
Powered by TranslatePress