ගර්භණී සමයේදී ඇස්ප්‍රීන් (Aspirin) ඖෂධය ලබා දෙන්නේ ඇයි?

ගර්භණී කාලයේදී කාන්තාවන්ට සාමාන්‍යයෙන් ෆෝලික් අම්ල පෙති, කැල්සියම් පෙති, යකඩ පෙති ආදී ආහාර අතිරේක පෙති ලබා දීමට සිදු වෙනවා. නමුත් සමහර විශේෂිත අවස්ථා වලදී පමණක් මේ සාමාන්‍යයෙන් ලබා ගන්නා පෙති වලට අමතරව වෛද්‍යවරයා වෙනත් ඖෂධ ද නියම කරන්න පුළුවන්. එහෙම ඖෂධයක් තමයි ඇස්ප්‍රීන් (Aspirin). NSAIDs ගණයට අයත් ඇස්ප්‍රීන් රුධිරයේ කැටි ගැසීමේ හැකියාව අඩු කිරීම සඳහා (Anti-platelet) බහුලව භාවිතා කරන ඖෂධයක්.

ගර්භණී සමයේ දී Aspirin ලබා දෙන විශේෂ අවස්ථා

  • ගර්භණී සමයේ අධි රුධිර පීඩනය ඇති වී එය Pre-eclampsia තත්ත්වය දක්වා වර්ධනය වීම වැළැක්වීම සඳහා ( ගර්භණී සමයේ අධි රුධිර පීඩනය ….. )
  • නිතර නිතර ගබ්සා වීම් වැළැක්වීම සඳහා
  • ආතරයිටිස් සහ ස්වයං ප්‍රතිශක්ති රෝග (Auto immune diseases) ඇති ගර්භණී කාන්තාවන් සඳහා
  • දියවැඩියා රෝගයෙන් පෙළෙන සහ අධික තරබාරු කාන්තාවන්
  • නිවුන් දරු පිළිසිඳ ගැනීම් සහිත කාන්තාවන්
  • වකුගඩු රෝග සහිත කාන්තාවන්
  • වයස් ගත මාතෘ ගැබ් ගැනීම් වලදී (වයස අවුරුදු 35 ට වැඩි)

ඉහත සඳහන් අවස්ථා වලදී Aspirin ඖෂධය ලබා දිය යුතු ද නැත් ද යන්න විශේෂඥ වෛද්‍යවරයා තීරණය කරනු ලැබේ. Aspirin ගර්භණී සමයේ භාවිතා කිරීමට සුදුසු ඖෂධයක් බැවින් වෛද්‍ය උපදෙස් වලට අනුව නියමිත මාත්‍රාව නියමිත කාලයක් ලබා ගැනීම වැදගත් වේ. එමඟින් කුසෙහි වැඩෙන බිළිඳාගේ මෙන්ම මවගේ ද සංකූලතා අවම කර ගැනීමට පුළුවන්.

English
Powered by TranslatePress