මෙය කාන්තාවන්ට වැළඳීමෙන් සාඵල්යතාව කෙරෙහි බලපෑමක් ඇති නොවේ. මෙය පිරිමි ළමුන්ට වැළඳීමෙන් සාඵල්යතාව සඳහා සෘජු බලපෑමක් ඇති වේ.
විශේෂයෙන්ම මල්වර වියේ සිටින පිරිමි ළමුන්ට මෙය වැළඳීම ඉතා භයානකය.
මන්ද යත් මෙම වෛරසය කම්මුලෙහි ඛේට ග්රන්ථි වල ඉදිමීමක් සිදු කිරීමට අමතරව වෘෂණයේ ශුක්රාණු නිපදවන සෛල විනාශ කිරීම ද සිදු කරයි.
මෙහි ඇති ගැටලුව නම්, කිසිඳු ඖෂධයකින් එම අඩු වූ ශුක්රාණු තත්ත්වය නැවත වැඩි කරගැනීම ඉතා අපහසු වීමයි.
එය වෘෂණයේ ශුක්රාණු නිපදවන සෛල ඉතා වේගයෙන් මරා දමයි.
මේ නිසාම ඈත අතීතයේ පවා විශේෂයෙන්ම මව්වරු තමාගේ පිරිමි දරුවන් කම්මුල්ගායට ල්ක්වුවහොත් එය වෘෂණකෝෂ වලට පැතිරෙන්නේදැයි සුපරික්ෂාකාරී වූහ.
නමුත් අප මතක තබාගත යුත්තේ, කම්මුල්ගාය සාඵල්යතාවය අතින් මෙතරම් භයානක රෝගී තත්ත්වයක් වුවද, කම්මුල්ගාය සෑදෙන සියලු දෙනාගේම එම වෛරසය වෘෂණකෝෂ වලට නොයන බවයි.
තවද, වෘෂණකෝෂ වලට වෛරසය පැතිරී ගියත් වෘෂණකෝෂ වලට හානිකර, ශුක්රාණු මට්ටම බිංදුවටම පහත හෙලන්නේ ද සුළු පිරිසකගේ බවය.
එබැවින් කම්මුල්ගාය සෑදුණු පිරිමින් විශේෂයෙන්ම සාඵල්යතාවයේදී තමාගේ ශුක්රාණු පිළිබඳව වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
මෙම වෛරසයෙන් බේරීම සඳහා කුඩා ළමුන්ට MMR/MR වැනි එන්නත් ලබාදෙනුයේ, මෙම උපද්රවයෙන් බේරීම සඳහාය.
තවද, පැපොල මෙන් නොව කම්මුල්ගාය එක් වතාවක් මෙන්ම කිහිප වතාවක්ම වැළඳිය හැකි බව මතක තබාගන්න.